Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2018 19:59:20 Hours

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නව කලාපීය නියෝජිත යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නව සන්නද්ධ හා ආරක්ෂක සේනා සබැඳි කලාපීය නියෝජිත ලෙවන්ට් වෙසිර් මහතා (Mr Levent Vezir)  සඳුදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවු අතර මේ සඳහා නික්ම යන කලාපීය නියෝජිත කොන්ස්තන්ටිනෝස් මෝර්ටෝපෝලස් මහතා (Mr Konstantinos Mortopoulos) ද එක්ව සිටියහ.

නික්ම යන කලාපීය නියෝජිත කොන්ස්තන්ටිනෝස් මෝර්ටෝපෝලස් මහතාගේ (Mr Konstantinos Mortopoulos) ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත මෙම දුත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් ජාත්‍යන්තර රතු කුරුස කමිටුව මගින් උතුර සහ නැගෙනහිර පළාත් වල සිදුකරනු ලබන කාර්යයන් සම්බන්ධව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳ කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් සාකච්ඡා කරන ලදී.

මෙහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නික්ම යන ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිතවරයා වෙත උතුරු සහ නැගෙනහිර පළාත් වල එම කමිටුව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් සිදුකරනු ලබන කාර්යයන් සදහා දක්වන ලද සහයෝගය මෙන්ම පසුගිය වසර කිහිපය තුල ජාත්‍යන්තර රතු කුරුස කමිටුව මගින් ලබාදුන් සහයෝගය ද මහත් ඇගයුමට ලක් කරන ලදි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ දුත මණ්ඩල ප්‍රධානි ක්ලේයාර් මෙයිට්‍රඩ් මහත්මිය (Ms Claire Meytraud) ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Buy Kicks | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C