Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2018 20:11:24 Hours

පොලිස් රග්බි පිළ පරදා යුද්ධ හමුදා රග්බි පිළ ජය ලබයි

අන්තර් සමාජ ඩයලොග් රග්බී තරඟාවලිය - 2017/2018 දෙවන වටයේ තරඟ ආරම්භ කරමින් කොළඹ 05, හැව්ලොක් ටවුන් හි පිහිටි ශ්‍රී ලංකා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී සිකුරාදා (09) දින පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රග්බී කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජ රග්බී කණ්ඩායමට එරෙහිව ලකුණු 43 ට 36 ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගනු ලැබීය.

යුද්ධ හමුදා රග්බි කණ්ඩායම පසුගිය මාස කිහිපය තුල ඩයලොග් රග්බී ලීග් තරඟාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ වැදුණි.

මෙම තරඟාවලිය පැවැත්විම සඳහා යුද්ධ හමුදා රග්බී කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ යුද්ධ හමුදා රග්බි ක්‍රීඩා සමාජයේ සහයෝගය ලබාදෙන ලදි.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, යුද්ධ හමුදා රග්බී ක්‍රීඩා කමිටුවේ නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් ජයන්ත පටබැදිගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් රැසක් මෙම තරඟය නැරඹීම සඳහා පොලිස් ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.

best Running shoes brand | Men Nike Footwear