30th January 2018 11:53:51 Hours
සියයකට අධික යුද්ධ හමුදා පාපැදිකරුවන් සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් අංශයේ පාපැදි කරුවන්ගේ ද සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට පවත්වනු ලබන ‘Ride with Pride’ පාපැදි සවාරිය බදාදා (31) දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලින් ආරම්භ කිරිමට සියල්ල සුදානම් කර ඇත.
හමුදා සාමාජිකයින් සහ පාපැදි ධාවකයින් අතර සාමුහිකත්වය වර්ධනය කිරිමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන මෙම පාපැදි සවාරිය සඳහා 200 කට අධික පාපැදිකරුවන් ප්‍රමාණයක් සහභාගිවිමට නියමිතය. යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සහයෝගයෙන් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරිය තලවතුගොඩ, පැලවත්ත, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම, පිටිපන මංසන්ධිය යන නගර පසුකරමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය අසලින් අවසන් වේ.
latest Nike Sneakers | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD