Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2018 17:46:00 Hours

‘හොඳම කණ්ඩායමට’ හිමි ශුරතාවය යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරකයින්ට

කොළඹ 7, රිඩ් මාවත රාජකීය විද්‍යාලයේ මාස් ඇරීනා හිදී 2018 ජනවාරි මස 17 සිට 20 දින දක්වා පවත්වනු ලැබූ ජාතික ආධුනික පිරිමි සහ කාන්තා මුෂ්ටි ප්‍රහාරක තරඟාවලිය - 2017 හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරකයින් මැනවින් දස්කම් දක්වා ඇත.

දින හතරක් පුරා පැවැති මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ආධුණික මුෂ්ටි ප්‍රහාරක සංගමය විසින් සංවිධානය කරනු ලැබු අතර, දිවයින පුරා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් 100 කට අධික පිරිසක් මේ සඳහා සහභාගි විය.

තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ ‘හොඳම කණ්ඩායමට’ හිමි කුසලාන හිමි කරගැනීමට යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරකයින් සමත් විය.

තරඟාවලියේ පිරිමි අංශයේ හොඳම මුෂ්ටි ප්‍රහාරක ක්‍රිඩකයා ලෙස කෝප්‍රල් පි.ඩි.ඩි මදුරංග ‍තේරි පත්වූ අතර, කාන්තා අංශයේ හොඳම මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස කෝප්‍රල් එස්.එච්.එස්. ප්‍රියදර්ශනි තේරි පත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක සංගමයේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මූලිකත්වයෙන් මෙම ශූරතා තරඟාවලිය සංවිධානයක කර තිබුණි.

affiliate link trace | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers