Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2018 21:12:19 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් කෙප්පාපිලාව් ගම් වැසියන් සමඟ තෛපොංගල් දිනය සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් මුලතිව් කෙප්පාපිලාව් ගම්මානයේ වැසියන් සඳහා ප්‍රජා සත්කාර වැඩසටහනක් තෛපොංගල් දින (14) පවත්වනු ලැබීය.

මීට දින කිහිපයකට ඉහත දී පැවැති උත්සවයක් අතරතුර ඉඩම් ඔප්පු ලබාදී මුලතිව් කෙප්පාපිලව් ගම්මානයේ නැවත පදිංචි කරන ලද පවුල් 85 කට භට පිරිස් විසින් දිවා ආහාරය ඔවුන්ගේ නිවාස වෙත ගොස් පිරිනමන ලදි.

මෙම වැඩසටහන ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීම සහ සංහිඳියාව ඇති කරලීමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබීය.

Nike footwear | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK