Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2018 15:20:10 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2018 වර්ෂය සඳහා වූ පළමු පාඨමාලාව සාර්ථකව නිමාවට

සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් 2018 වර්ෂය සඳහා පවත්වනු ලැබූ පළමු පාඨමාලාව සිකුරාදා (12) දින සාර්ථකව නිමාවට පත්වූ අතර, දින 9 ක් පුරා පැවති එම පාඨමාලාවන් සඳහා විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් 380 දෙනෙකු සහභාගි වූහ.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සම්පත් දායකයින්ගේදායකත්වය ඇතිව විශ්‍රාම යෑමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් හට(NVQ) Level –3 මට්ටමේ පිළිගත් ජාතික වෘත්තීය පුහුණුවක් යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින්ලබාදෙනු ලැබේ.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ ගේ මඟපෙන්වීම යටතේ 2017 ජනවාරි මස 4 සිට 12 දින දක්වාමූලික පාඨමාලාවන් රැසක් පවත්වනු ලැබීය. ඒ අතර, ගෘහස්ථ විද්‍යුත් පරිපථ සැකසීම, විදුලි කාර්මික ශිල්පය, ජලනල කාර්මික ශිල්පය, ගොඩනැගිලි ඉදිකිරීම් ශිල්පය, මෘදුකාංග ශිල්පය, ජංගම දුරකථන අලුත්වැඩියාව, රූපවාහිනි සහ ගුවන්විදුලි අලුත්වැඩියා කිරීම, යන්ත්‍රසූත්‍ර අලුත්වැඩියාව, පෑස්සුම් ශිල්පය සහ පින්තාරූ කිරීම් ආදී මූලික පාඨමාලාවන් විය.

මෙම පාඨමාලවන් අතරතුර දී සිවිල් සම්බන්දතා, සමාජ වගකීම් සහ වෙනත් වැදගත් කරුණු රැසක් පිළිබඳව පාඨමාලාවන්හි සාමාජිකයින් දැනුවත් කරන ලදි.

මෙම සමාප්ති උත්සවය සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ශෂික පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ.

url clone | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger