Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2018 13:46:18 Hours

‘කියෝෂී රියු බුඩෝ’ (Kiyoshi Ryu Budo) ආත්ම ආරක්ෂාව සටන් පුහුණුව ලැබු හමුදා භට පිරිස් සහතික පත් ලබයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ‘කියෝෂී රියු බුඩෝ’ (Kiyoshi Ryu Budo) ආත්ම ආරක්ෂාව සටන් පළවන සහ දෙවන පාඨමාලාවන් සාර්ථකව හදාරා සමත් වූ කොළ සහ කහ පටි ලාභින්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (11) දින කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

හමුදා සෙබළුන්හට රාජකාරි කිරීමේදි ආත්ම ආරක්ෂාව සඳහා සටන් කලාවක් මගින් නිපුණත්වයක් ලබාදීම මෙම පාඨමාලාවේ අරමුණ වේ.

57 වන සේනංකයේ කැරලි පාලන භට පිරිස් වෙනුවෙන් මෙම පළමු ‘කියෝෂී රියු බුඩෝ’ (Kiyoshi Ryu Budo) ආත්ම ආරක්ෂක සටන් පාඨමාලාව 2017 ඔක්තෝබර් මස 18 වන දින ආරම්භ කරන ලදී.

7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව නියෝජනය කරමින් නිලධාරින් 4 ක් සහ සෙසුනිලයින් 150 ක් මෙම පාඨමාලාවේ අධියර හතරක් සාර්ථකව නිම කරමින් ‘කියෝෂී රියු බුඩෝ’ (Kiyoshi Ryu Budo) ආත්ම ආරක්ෂක සටන් කලා කොල පටි 7 වන ශ්‍රේණිය සඳහා ද සුදුසුකම් ලැබුහ.

මෙහි දෙවන පාඨමාලාවෙහි දී 57, 65 සහ 66 වන සේනාංකයන්හි නිලධාරින් 8 ක් සහ සෙසුනිලයින් 224 දෙනෙකු අධියර 1 සහ 2 සාර්ථකව නිමකරන ලද අතර ‘කියෝෂී රියු බුඩෝ’ (Kiyoshi Ryu Budo) 8 වන ශ්‍රේණිය කහ පටි සඳහා ද සුදුසුකම් ලබන ලදී.

මෙම පුහුණු පාඨමාලාව සඳහා ‘කියෝෂී රියු බුඩෝ’ (Kiyoshi Ryu Budo) ප්‍රධාන උපදේශක සහ ලෝක කික්බොක්සින් (Kickboxing) සංගමයේ සභාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාටේ සංගමයේ ප්‍රධාන උපදේශක, කළු පටි 8 ඩෑන් (Black Belt 8 DAN) ශිහාන් ක්ලේමන්ට් ද සොයිසා මහතා ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාතේ සංගමයේ උපදේශකයින් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කරාටේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් පුහුණු පාඨමාලාව සඳහා සහාය ලබාදෙන ලදී.

මෙම සහතික පත් ප්‍රදානයේ දී ‘කියෝෂී රියු බුඩෝ’ (Kiyoshi Ryu Budo) සටන් කලා පුහුණුව ලැබු සෙබළුන් තම හැකියාවන් ප්‍රදර්ශණය කරමින් සිත්ගන්නා සුළු සටන් සංදර්ශණ 04 ක් ද ඉදිරිපත් කරන ලදි.

57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

66 වන සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහ කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් එච්.ජි.අයි විද්‍යානන්ද, කිලිනොච්චි ආරාක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත බලසේනාවන්, ඒකකයන්හි බලසේනාධිපතිවරුන් සහ අණ දෙන නිලධාරින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම පුහුණුව සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් 57 වන සේනාකාධිපති විසින් ශිහාන් ක්ලේමන්ට් ද සොයිසා මහතා වෙත මෙම අවස්ථාවේ දී සමරු තිලිණයක් පිලිගන්වන ලදී.

Sports brands | UK Trainer News & Releases