Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2018 17:12:46 Hours

‘අභිමංසල - 2’ හි රණවිරුවාට මංගල සීනු

කඹුරුපිටිය ‘අභිමංසල - 2’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රතිකාර ලබන තවත් රණවිරුවෙකුගේ විවාහ මංගල උත්සවයක් ‘අභිමංසල - 2’ හි සේනාවිධායකගේ මඟපෙන්වීමෙන් එම කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් පසුගිය දෙසැම්බර් මස 07 වන දින දික්වැල්ල ප්‍රියන්කා උත්සව ශාලාවේදි පවත්වන ලදී.

රණවිරු සුව සහන මධ්‍යස්ථානයන්හි සේනාවිධායකවරුන්ගේ සම්බන්ධිකරණය ඇතිව එම සුව සහන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන්ගේ විවාහ මංගල උත්සවයන් සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලබන ‘සියනෑවේ අපි’ සංවිධානය විසින් මෙසේ 6 වන ගැමුණු හේවා බලඇණීයේ සැරයන් එල්.ඩි.ඩි. පුෂ්පකුමාර වෙත විවාහ මංගල උත්සවය පැවැත්වීම සඳහා උපරිම සහයෝගය ලබාදී තිබේ. වර්ෂ 2008 පෙබරවාරි මස 24 වන දින අඩම්පන් නගරය අත්පත් කරගැනිමේ සටනේ දී ත්‍රස්ථවාදීන් විසින් අටවන ලද මර උගුලකට අසුවීමෙන් සැරයන් පුෂ්පකුමාරගේ දකුණු පාදය අහිමි විය.

කඹුරුපිටිය ‘අභිමංසල - 2’ සුව සහන මධ්‍යස්ථානයේ අහඹු ලෙස සංචාරයකට පැමිණි දික්වැල්ල, හුනන්දෙණිය ප්රදේශයේ ගනේෂා සන්සලා කුමාරි ගම්හේවා තරුණිය, යුද්ධයෙන් ආබාධිත වුවද නොසැලි රෝද පුටුවක දිවිගෙවන සැරයන් පුෂ්පකුමාර හා ආදරයෙන් බැදුණි.

මෙම රණවිරුවාගේ විවාහ මංගල උත්සවය සඳහා අනුග්‍රාහකත්වය සැපයු ‘සියනෑවේ අපි’ සංවිධානයේ සමන් ජයලත් මහතා ඇතුළු පිරිස, යහළු මිත්‍රාදීන්, ‘අභිමංසල - 2’ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් ආරාධිතයින් රැසක් සහභාගි වන ලදී.

affiliate link trace | Nike - Shoes & Sportswear Clothing