Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2017 07:50:18 Hours

57 වන සේනාංකයේ භට පිරිස් වෙතින් වැඩිහිටි නිවාසයට දිවා ආහාර

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 571 වන බලසේනාවට අයත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්, අඟහරුවාදා (19) දින මලයාලපුරම් එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 29 දෙනෙකු වෙත දිවා ආහාරය පිරිනැමු අතර, එහිදි නේවාසික වැඩිහිටියන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු තෑගි පාර්සල් ද පිරිනමනු ලැබීය.

මීට අමතරව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ තෝරාගත් ළමුන් 16 දෙනෙකු වෙනුවෙන් තෑගි පාර්සල් ද මෙහිදි ප්‍රදානය කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සංවිධානය කළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 571 වන සේනාංකයේ සේනාංකාධිපති කර්නල් අජිත් කොළොඹතන්ත්‍රි ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

Sport media | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes