Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2017 06:15:47 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් ළමා නිවාසය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස්, කිලිනොච්චි, උරුතිරාපුරම් පිහිටි අරෝවන් පිරිමි ළමා නිවාසය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක සිකුරාදා (15) දින නිරත විය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මඟපෙන්වීම යටතේ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් 3 දෙනෙකු සහ සෙසුනිලයින් 60 දෙනෙකු විසින් දෙමාපියන් නොමැති පිරිමි ළමුන් 20 කට වැඩි පිරිසක් නේවාසිකව සිටින මෙම ළමා නිවාසය මෙසේ යුද්ධ හමුදා ප්‍රජා සත්කාරක ශ්‍රමදාන ව්‍යාපෘතියක් මගින් පිරිසිදු කරදෙන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් සහ 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළොඹතන්ත්‍රි ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය යුද්ධ හමුදාව දැක්වු දායකත්වය වෙනුවෙන් නේවාසික දරුවන් ඇතුළු පිරිස සිය කෘතඥතාවය පුද කළහ.

best Running shoes | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival