Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2017 15:30:02 Hours

යුද්ධ හමුදා භට පිරිස්හි සහායෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු කැබ් රථය යළි මගට

යාපනය - කිළිනොච්චි ප්‍රධාන මාර්ගයේ උරදිපුරම් ප්‍රදේශයේදී සිකුරාදා (15) දින මාර්ගයෙන් ඉවතට පැන අනතුරට භාජනය වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයක්, කිළිනොච්චි ආ‍රක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 662 වන බළසේනා මූලස්ථානයේ භට පිරිස් විසින් යළි මාර්ගයට රැගෙන ඒමට සමත්වූහ.

උරදිපුරම් ප්‍රදේශයේ ස්ථානගත 662 වන බළසේනා මූලස්ථානයට අයත් 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා (20 ශ්‍රීලපාහ) භට පිරිස් විසින් අදාළ රිය අනතුර දැනගත් විගස වහා ක්‍රියාත්මක වී එම ස්ථානයට ගොස් පැය කිහිපයක් තුල එදිනම (15) පස්වරු 5.30 ට පමණ එම කැබ් රථය නැවත මාර්ගයට ගෙන එන ලදි.

මෙම හදිසි අවශ්‍යතාවය සඳහා සහායවීමට 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහ 662 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් චම්පික රණසිංහ විසින් මෙසේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට භාජනය වූ කැබ් රථය යළි මාර්ගයට රැගෙන ඒමට 20 ශ්‍රීලපාහ භට පිරිස් වෙත උපදෙස් ලබාදී තිබුණි.

Best Nike Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp