Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2017 16:24:40 Hours

‘මානුෂීය සාධක’ පිළිබඳ වැඩමුළුවක් යාපනයේ දී

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් දෙදිනක් පුරා පැවති වැඩමුළුවක දී ‘මානුෂීය සාධක’ එනම් මනුෂ්‍යයාගේ ශාරීරික හා මානසික චර්යාව කිසියම් පරිසරයකට සාපේක්ෂව අධ්‍යනය කිරීමේ විෂය පිළිබඳ දේශනයක් සෙනරත් ජයසේකර මහතා විසින් 2017 දෙසැම්බර් මස 08 වන දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙම දේශනය පැවැත් වූ සෙනරත් ජයසේකර මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සුදුසුකම් ලත් වෘත්තීය ගුවන් නියමුවකු වන අතර, EASA / FAA / CAA යන ගුවන්යනා පැඳවිම පිළිබඳ අන්තර්ජාතික සහතික ලබා ඇති. එමෙනම, ගුවන් යානා සේවක මණ්ඩල මානව සම්පත් කලමනාකරණය පිළිබඳ (CRM) සහා මානුෂිය සාධක පිළිබඳ වෘත්තීය සුදුසුකම් ලත් ගුවන් නියමු හා ගුවන් සේවක මණ්ඩල උපදේශකවරයෙකු ද වේ.

මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 100 කට අධික පිරිසක් සහභාගි විය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම වැඩමුළුව සඳහා සෙනරත් ජයසේකර මහතා දැක්වු දායකත්වය පිළිබඳව මෙහිදි ඇගයුමට ලක් කළහ.

Sports brands | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals