Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2017 16:25:41 Hours

621 බලසේනාව සිය 7 වන සංවත්සරය සමරයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 621 බලසේනාව දෙසැම්බර් මස 1 දින සිය 7 වන සංවත්සරය සැමරු අතර, එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජීව ගේ මඟපෙන්විම යටතේ ඒ වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් ඇතුලු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

සංවත්සර දිනයේ දී (දෙසැම්බර් 1) හමුදා සම්ප්‍රදායානුකූලව 621 බලසේනා භට පිරිස් විසින් එම බලසේනාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, භට පිරිස් ඇමතීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විම සහ පැළයක් රෝපණය කිරිම ද එහිදි සිදු කෙරිනි.

තවද, නවතමයෙන් ඉදිකළ ‘බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නය’ ද සංවත්සරයට සමගාමිව විවෘත කරනු ලැබීය.

621 බලසේනාවේ 7 වන සංවත්සර සැමරුමට එම බලසේනාව යටතේ ස්ථාපිත බලඇණි හි භට පිරිස් සහභාගි වූ අතර, 621 බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මීට එක්ව සිටියහ.

Sports Shoes | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp