Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2017 18:20:01 Hours

‘ජිවත්විමේ කලාව’ පිළිබඳ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්විම යටතේ ජිවත්විමේ කලාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (08) දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

ජ්‍යෙෂ්ඨ උපදේශිකා එෂර්මා කාරියකරවන මහත්මිය ඇතුලු කොළඹ 05, සෙත් පදනමේ මනා පුහුණුව ලත් සහ සුදුසුකම් සහිත උපදේශන කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන මෙහෙය වූ අතර මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක ගේ සම්බන්ධිකරණය යටතේ දිවයින පූරා පිහිටි යුද්ධ හමුදා ආයතනයන්හි ‘ජිවත්විමේ කලාව’ නමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

හමුදා සාමාජිකයින්ගේ ජීවිත සතුටින් ගත කිරීමට උපදෙස්දීම සහ හොඳ පුරුදු පුහුණු කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදි හමුදා සාමාජිකයින්ට මුහුණදීමට සිදුවන ගැටළු නිරාකරණයේ ඵලදායී ක්‍රමයන්, අභියෝගාත්මක තත්ත්වයන් තුළ තීරණ ගැනීම, පවුල් උපදේශනය සහ නරක ඇබ්බැහිවිම් මඟහරවා ගැනිම ආදි වැදගත් කරුණු රැසක් පිළිබඳව දැනුවත් කරනු ලැබේ.

මෙම වැඩසටහන අවසානයේ පෞද්ගලික උපදේශන සැසිය ආරම්භ කළ අතර ඒ සඳහා සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 54, 56, 61 සහ 62 වන සේනාංක නියෝජනය කරමින් නිලධාරීන් 85 ක් සහ සෙසු නිලයන් 635 ක් පමණ මේ සඳහා එක්ව සිටියහ.

තවත් මෙවැනිම වැඩසටහනක් උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ සම්බන්ධිකරණයෙන් ඉරිදා (10) දින අනුරාධපුර පිහිටි 21 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත් වූ අතර, එම සේනාංකය යටතේ සෙවයේ නියතු භට පිරිස් ඒ සඳහා සහභාගි වූහ.

Best jordan Sneakers | Nike - Shoes & Sportswear Clothing