Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2017 09:26:02 Hours

වැලිකන්ද ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් 233 වන බලසේනාව අධ්‍යාපන සම්මන්ත්‍රණයක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බළසේනාවේ භට පිරිස් විසින් වැලිකන්ද ප්‍රදේශයේ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර (සා/පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් නොවැම්බර් මස 29 සහ 30 දෙදින පුරා වැලිකන්ද මධ්‍ය විද්‍යාලයේ දී අධ්‍යාපන සම්මන්ත්‍රණ පවත්වනු ලැබීය.

මෙහිදි වැලිකන්ද ප්‍රදේශයේ සිසුන් 125 දෙනෙකු වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ කඨිකාචාර්ය දිලීප් ගුණවර්ධන මහතා විසින් ගණිතය සම්මන්ත්‍රණයක් ද කෑගල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ (Road Development Authority) ඉංජිනේරු දසුන් උදාර මහතා විසින් විද්‍යාව පිළිබඳ සම්මන්ත්‍රණයක් ද පැවැත්විය.

233 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් කුමාර විසින් මෙම සම්මන්ත්‍රණයේ සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලැබීය.

Adidas shoes | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today