Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2017 22:45:37 Hours

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සංවත්සර උත්සවය විචිත්‍ර ලෙස සමරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය සිය අභිමානවත් 19 වන සංවත්සරය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ නොවැම්බර් මස 19 සිට 26 දින දක්වා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරමින් සමරන ලදි.

මෙහි පළමු වැඩසටහන ලෙස වවුනියාව මඩුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති අති පූජ්‍ය විමලසාර ස්වාමින් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් ඉරිදා (25) දින ආශීර්වාදපතා කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත චෛත්‍ය අභියස දී බෝධි පූජා පිංකමක් පවත්වනු ලැබුහ.

සංවත්සර උත්සවයට සමගාමීව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරය සහ සම්මාන ආචාර පෙළපාලිය 8 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට සියලුම සේනාංකවල සේනාංකාධිපතිවරුන්, වන්නි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, සියලු බලසේනාවල බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සියලු සේනාංක නියෝජනය කරමින් සෙසුනිලයින් රැසක් ද සහභාගි වුහ.

අනතුරුව, මෙම අවස්ථාව සිහිවනු වස් වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් කඳවුරු පරිශ්‍රයේ රතු සඳුන් පැළයක් ද රෝපණය කරන ලදි.

තවද වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, සියලු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ආරක්ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනීසිටි අතර, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ සෙසුනිලයින් සමඟ ද සමුහ ඡායාරූප කිහිපයකට පෙනි සිටිමින් සංවත්සර සැමරුම් උළෙල සනිටුහන් කළහ.

එදින සන්ධ්‍යාවේ කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේ මෙන්ම බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවැති සුහද හමුවන් හී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි විය.

තවද, සෙනසුරාදා (25) දින සියලු නිල රාත්‍රි භෝජන සංග්‍රහයක් සහ යුද්ධ හමුදා නර්ථන කණ්ඩයමේ නර්ථනයෙන් වර්ණවත් සංගිත සැඳැවක් පැවති අතර, එහිද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති සහභාගි විය.

Sneakers Store | Nike for Men