Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2017 07:14:27 Hours

කොළොම්බියානු සිවිල් වෘත්තිකයන් හා ප්‍රවීණයන් පිරිසක් සහ ඕස්ට්‍රේලියානු දුත පිරිසක් යාපනය ආඥාපති හමුවේ

දකුණු ඇමෙරිකාවේ කොළොම්බියා දේශයේ Programme of Alliances for Reconciliation (PAR) සංහිදියා වැඩසටහනේ වෘත්තිකයන් පිරිසක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදි සංහිදියාව සහ පොදු කරුණු පිළීබඳව දැනුම බෙදාගැනිමේ අරමුණින් බදාදා (22) දින ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවී අදහස් හුවමාරු කර ගත්හ.

මෙම පිරිස පිළිගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි විසින් යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන ප්‍රජා සුබසාධන ව්‍යාපෘතින් පිළිබඳව සහ සිවිල් වැසියන් සමඟ යහපත් සබඳතාවන් පවත්වා ගෙන යන ආකාරය පිළිබඳ කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදි.

වෘත්තියෙන් ඩිජිටල් මාධ්‍ය කතුවරයෙකු වන ඇන්ඩෲස් රිකාඩෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම ජාත්‍යන්තර දුත පිරිස ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟ සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

මේ අතර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තනාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිස සමඟ පැමිණි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළදාම පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලෝරන් මින්සන් මහත්මිය ද යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදි බදාදා (22) දින ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි සුහදව හමුවී සාකච්ඡා කලහ.

මෙම හමුවේදි උතුරු පළාත තුල සාමාන්‍ය තත්වය පිළිබඳ අවධානය යොමු වු අතර පශ්චාත් යුද සමයේ යාපනය ආරක්ෂක හමුදාවන්ගේ වගකීම් හා කාර්යභාරය යන මැයෙන් ඉදිරිපත් කිරිමක් ද එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දි සිදුවින.

Buy Kicks | Nike