Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2017 20:14:56 Hours

නාගේන්ද්‍රපුරම් පෙර පාසල් ළමුන් සඳහා අධ්‍යාපනික ආධාර

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථානගත 57 වන සේනාංකයේ 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් අඟහරුවාදා (21) දින පරන්තන්, නාගේන්ද්‍රපුරම් පෙර පාසල් ළදරුවන් සඳහා අධ්‍යාපනික පොත්පත් ඇතුලු පාසල් උපකරණ කෙටි උත්සවයක දී බෙදාදෙන ලදි.

මෙහිදි පරන්තන්, නාගේන්ද්‍රපුරම් පෙර පාසල් ළදරුවන් 19 දෙනෙකුට පාසල් පොත්පත්, ලිපිද්‍රව්‍ය ඇතුලු පාසල් උපකරණ හිමිගන්වන ලදි.

57 වන සේනාංක‍යේ සේනාංකාධිපතිගේ අධික්ෂණයෙන් 573 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදේශකත්වයෙන් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බණ්ඩාර ගේ මුලිකත්වයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කළහ.

latest jordan Sneakers | Klær Nike