Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2017 13:43:38 Hours

චාවකච්චේරි සිසුන් වෙත පාසල් උපකරණ

යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ ස්ථානගත 52 වන සේනාංක බලප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 52 ක් ‍සඳහා පාසල් පොත්පත්, උපකරණ බෙදාදීමක් අඟහරුවාදා (21) දින චාවකච්චේරි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ පැවති කෙටි උත්සවයක දී සිදු කළ අතර, ජාත්‍යන්තර කනිෂ්ඨ වාණිජ මණ්ඩලයේ (Junior Chamber International) උපුල් කුලතුංග මහතා විසින් අදාළ පාසල් උපකරණ සිසුන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබුණි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථානගත 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ මඟපෙන්විමෙන් 523 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක ගේ අධික්ෂණය යටතේ 523 වන බලසේනාව විසින් මෙම පරිත්‍යාග කටයුතු සම්බන්ධිකරණය කරන ලදි.

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ උපුල් කුලතුංග මහතා විසින් අදාළ ත්‍යාග පාර්සල් පාසල් සිසුන් වෙත බෙදාදුන් අතර ප්‍රදේශවාසීන් පාසල් සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහ 523 ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

short url link | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp