Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2017 09:17:48 Hours

‘මිත්‍ර ශක්ති’යුධ අභ්‍යාසයේ නිරත ඉන්දීය හමුදා භට පිරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධ අත්දැකීම් අධ්‍යනයට

ඉන්දියාවේ පූනේ අවුන්ද් යුද්ධ හමුදා ජනපදයේ ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසයන්හි නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් විසින් ඉන්දිය යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් වෙත සෙනසුරාදා (21) දින මානුෂිය මෙහෙයුම සහ ත්‍රස්තවාදය මැඩලීමේ ක්‍රියාන්විත පිළිබඳව මල්ටි විඩියෝ තාක්ෂණය භාවිතා කරමින් ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.

‘මිත්‍ර ශක්ති’ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සිදු කළ ඉදිරිපත් කිරීමට සහ දේශනයට සවන්දීම සඳහා ඉන්දියානු යුද්ධ හමුදා 11 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පූරී, 330 වැනි ඉන්දියානු පාබල බලසේනාවේ බලසේනාධිපති, 11 වන සේනාංකයේ සහ අනෙකුත් බලසේනා මුලස්ථාන නිලධාරින්, 1 වන මහාර්, 2 වන මරාති සහ 5 වන ගුර්කා රයිෆල් බලඇණි ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද පැමිණ සිටියහ.

ලුතිනන් කර්නල් ලක්මාල් පෙරේරා, ලුතිනන් කර්නල් සුමේධ රංගම, කපිතන් ගයන්ත ගුණරත්න සහ ලුතිනන් අයේෂ් ධනුෂ්ක විසින් සිදු කරන ලද මෙම ඉදිරිපත් කිරීම සියලුදෙනාගේ ඇගයීමට ලක් වු අතර, ඒ ඇසුරින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් පිළිතුරු සැපයීම ද එහිදි සිදු කළහ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාම සාධක හමුදාවේ එවකට තරුණ නිලධාරියකු ව හමුදා රාජකාරින් ඉටු කල මේජර් ජෙනරාල් අනිල් පූරී ද එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තම අත්දැකීම් පිලිබඳව කරුණු ඉදිරිපත් කලහ.

ඒ අතරම, ඉන්දිය යුද්ධ හමුදා ‘මිත්‍ර ශක්ති’ ක්‍රියාන්විත යුධ අභ්‍යාස භට පිරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සමගින් ශ්‍රී ලංකාවේ සාමය වෙනුවෙන් සිදු කරන ලද මානුෂිය යුධ මෙහෙයුම් වටා ගෙතුනු “මාතා” ශ්‍රී ලාංකීය චිත්‍රපටය ද නැරඹුහ.

ක්‍රියාන්විත අභ්‍යාසයේ දසවන දින වැඩිදියුණු කළ බෝම්බ උපක්‍රම (IEDs) පිළිබඳ සංදර්ශණයක් සහ ත්‍රස්ථවාදී ස්ථානයකට පහර දීම මෙන්ම මාර්ගයක් මුදවා ගැනීමේ සරඹයන් පිළිබඳ දේශණයන්ට ද සවන්දෙන ලදි.

එසේම, ඉන්දීය මිත්‍ර ශක්ති භට පිරිස් වෙත මානුෂිය මෙහෙයුමේ දී සතුරු අගල් සහ බැමි තරණය කරමින් අක්කරායන්කුලම් ප්‍රදේශය ත්‍රස්ථවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීම සබැඳිව සිද්ධි අධ්‍යනයක් ද සඳුදා (23) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් ඉදිරිපත් කළහ.

Sports Shoes | Releases Nike Shoes