Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2017 15:46:21 Hours

නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි භාරගනියි

මේජර් ජෙනරාල් බිමල් විදානගේ, යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස අද (17) උදෑසන රාජකාරි භාරගනු ලැබීය.

ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබමින් නව උපකරණ මාස්ටර් ජෙනරාල් සංකේතාත්මකව රාජකාරි භාරගත් අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුනිල් වන්නිආරච්චි විශ්‍රාමයාම හේතුවෙන් එම තනතුර සඳහා මේජර් ජෙනරාල් බිමල් විදානගේ පත් කළ අතර, මීට පෙර ඔහු කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති ලෙස කටයුතු කරනු ලැබීය.

Sports brands | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov