Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2017 19:25:08 Hours

57 වන සේනාංකයේ සහ 571 වන බලසේනාවේ භට පිරිස් වෙතින් වැඩිහිටි හා ළමා නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාර

68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත කිලිනොච්චි හී පිහිටි කරුණානිලියම් අශ්රම් ළමා සහ වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් 55 කට වැඩි පිරිසක් සඳහා යුද්ධ හමුදා දිනයේ දී (10) දිවා ආහාරය පිළිගන්වනු ලැබීය.

571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රි ගේ පූර්ණ සහයෝගය මේ සඳහා ලබා දුන් අතර, 57 වන සේනාංකයේ සේනාංකාධිපති නියෝජනය කරමින් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද 571 වන බලසේනාවේ බලසේනාධිපති සහභාගි විය.

bridge media | Zapatillas de running Nike - Mujer