Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2017 21:41:27 Hours

නව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති වැඩ භාර ගනියි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් දුෂ්යන්ත රාජගුරු (22) අගහරුවාදා දින පැවති චාම් උත්සවයකදී වැඩ භාරගන්නා ලදි.

මෙයට ප්‍රථම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු නව නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමත් සමග හිස්වු එම ධුරයට මෙසේ නව ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් දුෂ්යන්ත රාජගුරු පත්විය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි නව ආඥාපතිවරයාට 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භඨ පිරිස් විසින් සම්මාන මුරයකින් සහ සම්මාන ආචාර පෙලපාලියකින් ආචාර සමාචාර දක්වන ලදි.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා නව ධුරයේ වැඩ භාරගත් මේජර් ජෙනරාල් රාජගුරු රාජකාරි ලිපි කිහිපයකට අත්සන් තබමින් එම අවස්ථාව සංකේතවත් කලේය.

ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැලයක්ද සිටුවා එම අවස්ථාව සනිටුහන් කර අනතුරුව භඨ පිරිස් ඇමතීය. මෙසේ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් නිලධාරි 100 ක් සහ සෙසුනිලයින් 1000 ක් පමණ පිරිසක් ඇමතු නව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රාජගුරු තම දැක්ම සහ අනාගත අරමුණු පිළිබදව භඨ පිරිස් දැනුවත් කලේය. අනතුරුව, සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහයකට ද එක්විය.

මේජර් ජෙනරාල් රාජගුරු නව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස පත්වීමට පෙර දඹුල්ල 53 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා විය.

මීට දින කිහිපයකට ඉහතදී හිටපු මුලතිවි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු යුද හමුදා නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස තම ධුරයේ වැඩ භාරගැනීම සදහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී මුලතිව් භට පිරිස් වෙත සමු දුන්නේය.

සේනාංකාධිපතිවරුන්, අණදෙන නිළධාරී මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස, බළසේනාංකාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

Nike footwear | Nike Shoes