Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2017 18:41:06 Hours

61 වන සේනාංකයේ සේනාංකාධිපති රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රහස්පතින්දා (10) දින වව්නියාව පිහිටි එම සේනාංක මූලස්ථාන කාර්යාලයේ දී රාජකාරි භාර ගනු ලැබීය.

නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූලව භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනැමූ අතර, අනතුරුව නිල ලේඛණවලට අත්සන් තබමින් මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් නව තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.

මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමා, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගිවීමට ප්‍රථම භට පිරිස් ඇමතිම ද සිදු කළහ.

61 වන සේනාංකය යටතේ ස්ථාපිත 611 සහ 613 යන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

jordan Sneakers | Nike Shoes