Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2017 21:39:03 Hours

කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපොලේ භට පිරිස් ගංඟා ඉවුරු සංරක්ෂණය සඳහා රුක් රෝපණ වැඩසටහනක

යුද්ධ හමුදාව, වනජිවි සුරකුම් පදනම, විදුලිබල මණ්ඩලය සහ මහවැලි අධිකාරිය එක්ව ක්‍රියාත්මක ජල පෝෂක ප්‍රදේශවල රුක්රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව එහි තවත් අදියරක් ලෙස කන්දකාඩු ඇළ ඉවුර දෙපස උණ පැළ 250 ක් සිටුවීම සිදු කරනු ලැබීය.‍

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා කෘෂීකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය අනෙකුත් ආයතන සමඟ එක්ව මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන අතර, මේ වන විට එම වැඩසටහනේ අදියර කිහිපයක් යටතේ නොයෙකුත් පැළ වර්ග දහස්ගණනක් රෝපණය කර ඇත.

කන්දකාඩු ගොවිපොලේහි සේවයේ නියුතු 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා එක්ව සිටියහ.

Nike shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092