Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2017 11:12:41 Hours

මීගමුව රෝහලේ යුද්ධ හමුදාව මගින් ස්ථාපිත කළ නව රුධිර පරික්ෂණාගාරය මහජන අවධානයට

යුද්ධ හමුදාව විසින් මීගමුව රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ඩෙංගු රෝගීන්ගේ මුලික රෝග විනිශ්චයන් සිදුකර ගැනීම සඳහා නොමිලේ රුධිර සාම්පල පරික්ෂා කිරීමේ පරික්ෂණාගාරය මගින් මේ වන විට සිවිල් වැසියන් 1500 කට අධික සංඛ්‍යාවක් රුධිර පරික්ෂාවට ලක් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය (SLAMC) පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදුන් මුල්‍යමය ප්‍රතිපාදන හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහ නාවික හමුදාවේ ශ්‍රමදායකත්වය සමඟින් දින තුනක් වැනි සුළු කාලයක් තුළ ඉදිකළ මෙම පරික්ෂණාගාරය මගින් ප්‍රදේශයේ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යප්තවි ඇති අවස්ථාවක නොමිලේ රුධිර පරික්ෂණ කටයුතු කරගැනීම සඳහා ප්‍රදේශයේ ජනතාවට මහත් පිටුවහලක්වි ඇත.

මීගමුව මහ රෝහලේ සංචාරයක නිරතවු අතිගරු ජනාධිපතිතුමන් හට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් සඳහා ප්‍රමාණවත් වාට්ටු පහසුකම් නොමැති බවට අවධානයට ලක්වීමෙන් පසු ලබාදුන් උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වු යුද්ධ සහ නාවික හමුදාපතිවරුන් ඉංජිනේරු සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය ලබාදුන් උපදෙස් වලට අනුව රෝහල් පරිශ්‍රයේ වාට්ටු දෙකක් දින හතරක් වැනි කාලයක් තුළ ඉදිකර ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය, වෛද්‍ය උපකරණ, හෙද හෙදියන් සහ අනෙකුත් අවශ්‍යතාවයන් සපයාදෙන ලදි.

Adidas footwear | Nike