Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2017 09:53:33 Hours

66 වන සේනාංකයේ මූලිකත්වයෙන් පෝෂදායි ආහාර සහ පාසල් උපකරණ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක භට පිරිස් විසින් විශ්ව පාරමි පදනමේ අනුග්‍රහය ඇතිව පුනරීන් ප්‍රදේශයේ පාසල් සිසුන් සහ ගර්භනී කාන්තාවන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් පසුගිය දා පූනරීන් වන්නෙරිකුලම් මහාවිද්‍යාලයේ දී පවත්වන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් විශ්ව පාරමි පදනම වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රුපියල් ලක්ෂ 3 ක් වැයකරමින් පූනරීන් වන්නෙරිකුලම් මහාවිද්‍යාලයේ සිසුන් 100 දෙනෙකු වෙත ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ ද, එම ප්‍රදේශයේ ගර්භනී කාන්තාවන් 15 දෙනෙකු වෙත මදුරු දැල්, උණු වතුර බෝතල්, බේබි සබන් සහ පෝෂදායී ආහාර අඩංගු පාර්සල් ද බෙදාදෙනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහභාගි වූ අතර, 661 සහ 662 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම පාසලේ විදුහල්පති, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Authentic Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092