Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2017 22:49:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුශූරතාවය

2017 පළමු පෙළ කාන්තා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය බදාදා (03) දින කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රිඩාංගනයේ (MCA) දී පවත්වනු ලැබිය.

තරඟයේ කාසියේ වාසිය දිනු ගුවන් හමුදා ක්‍රිඩිකාවන් පළමුව පන්දුවට පහරදි සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවි ලකුණු 190 ක් රැස්කළ අතර, යුද්ධ හමුදා ක්‍රිඩිකාවන්හට පන්දුවාර 45.4 ක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වුයේ ලකුණු 129 ක් පමණි. මේ අනුව මෙම තරඟයෙන් ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 61 ක ජයක් හිමිවිය.

ගුවන් හමුදා ( ඒ) ; කණ්ඩායම 190/9 (50), චමරි අතපත්තු 60, යශෝදා මෙන්ඩිස් 41, ඩිලාන් මනෝදරා 24, අමා කාංචනා නොදැවි 23, ඕෂධි රණසිංහ 21, සුගන්දිකා කුමාරි 3/21, ලක්මාලි මේත්තානන්ද 2/38, නිලුකා කරුණාරත්න 2/39

යුද්ධ හමුදා ( ඒ) ; කණ්ඩායම129 (45.4), ලක්මාලි මේත්තානන්ද 27, චමරි පොල්ගම්පළ 2/13, චමරි අතපත්තු 2/28

Nike Sneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth