Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2017 09:27:02 Hours

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක්

‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ’ වැඩසටහනට සමගාමිව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (03) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවති අතර, ඒ සඳහා නිලධාරීන් 15 ක් සහ සෙසු නිලයින් 250 ක් සහභාගි වූහ.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් පැවති මෙම වැඩසටහනේ දේශන සහාය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකය සහ මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) වෙතින් ලබාදෙන ලද අතර, නාට්‍ය හා රංග කලා අධ්‍යක්ෂක මණ්ඩලයේ භට පිරිස් වෙතින් මේ සබැඳිව නාට්‍යයක් ද රඟදැක්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ලුතිනන් විශ්මික ද සිල්වා සමඟින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අමරනාත් තැන්න මහතා විසින් මෙහි දේශන පැවැත්විය.

Running sneakers | nike fashion