Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2017 18:57:29 Hours

හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ලක්විරු’ අධ්‍යාත්මික සුවතා භාවනා වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අප්‍රේල් මස 29 සිට මැයි මස 02 දක්වා කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

දෙදිනක් පූරා පැවති මෙම වැඩසටහන එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන්වහන්සේ විසින් මෙහෙය වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ නාවික හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමාගේ නිර්දේශය මත යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් හඳුන්වාදුන් මෙම වැඩසටහන් මාලාව මේ වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වී ඇත.

Sports brands | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals