Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2017 20:59:58 Hours

683 බලසේනා භට පිරිස් සිවිල් වැසියන් සමඟින් එක්ව නව අවුරුදු උත්සවය සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 683 බලසේනා භට පිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව එම බලසේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී නව අවුරුදු උත්සවය සමරු අතර, මෙම අවස්ථාව සඳහා 683 බලසේනාවේ, 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සහ 7 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් ද සහභාගි වූහ.

683 බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත, නෙස්ලේ සමාගමේ අනුග්‍රහය ඇතිව පැවැත් වූ මෙම අවුරුදු උත්සවයේ දී ජනක්‍රීඩා සහ සම්ප්‍රදායික තරඟ ඉසව් ගණනාවක් දක්නට ලැබූණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොල සහභාගි වූ අතර, 683 බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නෙස්ලේ සමාගමේ නියෝජිතයින් සහ සුගන්ධිපුරම්, උදයාර්කට්ටු (උතුර), උදයාර්කට්ටු (දකුණු), තේරාවිල් සහ වල්ලිපුරම් යන ප්‍රදේශයන්හි වැසියන් ද මීට එක්ව සිටියහ.

Best Nike Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp