Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2017 09:50:50 Hours

සිවිල් ජනතාව සමග එක්ව 55 වන සේනාංක භට පිරිස් අලුත් අවුරුද්ද සමරයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය සිකුරාදා (21) දින අයියකච්චි මහජන ක්‍රිඩංගනයේ දි පවත්වනු ලැබු අතර, මේ සඳහා අනුග්‍රාහකත්වය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම විසින් ලබාදෙනු ලැබිය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ආරක්ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර සංහිඳියාව සහ සුහදශීලිත්වය වර්ධනය කිරිමේ අරමුණින් පැවති මෙම අවුරුදු උත්සවය ජන ක්‍රිඩා සහ විනෝදාත්මක ඉසව්වන්ගෙන් සමන්විත වු අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අරුණ මොහන්දිරම් සහභාගි විය.

යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංගිත කණ්ඩායම සහ යාපනය රාඝශ්‍රැති සංගිත ශීල්පින් විසින් සිංහල,ඉංග්‍රිසි සහ දමිළ භාෂාවන්ගෙන් ගීත ගායනා කරමින් රැස්ව සිටි පිරිස සඳහා විනෝදාස්වාදය ලබාදෙනු ලැබිය.

කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් මහතා සහ පලෙයි ප්‍රාදේශිය ලේකම් ඩී ජයරානි මහත්මිය විශේෂ ආරාධිතයන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගි විය. අලුත් අවුරුදු උත්සවයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය ද මෙහිදි සිදු කෙරුණි.

පුලෝපලෙයි ශාන්ත පීතර දේවස්ථානයේ ඒ.වී සිල්වේස්ටර්දාස් පියතුමා, පුලෝපලෙයි කෝවිලේ ප්‍රභා හින්දු පුජකතුමා, පලෙයි පොලිස් ස්ථානාධිපති, කිලිනොච්චි හා පලෙයි මහජන බැංකු කලමණාකරුවන්, පාසල් වල විදුහල්පතිවරුන්, රජයේ නිලධාරින්, ග්‍රාමසේවා නිලධාරින්, කඳවුරු අවට පදිංචි සිවිල් වැසියන්, යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

trace affiliate link | Nike