Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2017 14:22:23 Hours

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් යුද හමුදා සාමාජිකයන්හට නිවේදක පුහුණුව

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුහට නිවේදනය පිළිබඳව පුහුණුවක් ලබාදිම සඳහා යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් මෙම පාඨමාලාව අද (24) දින ආරම්භ වු අතර, දින 32 ක කාලයක් පුරා පැවැත්විමට නියමිතය.

මෙම පාඨමාලාව තුළදි විද්‍යුත් මාධ්‍යයේ ඉතිහාසය, නිවේදන කලාව, මයික්‍රොෆෝන් සහ එහි තාක්ෂණය, වාර්තාමය වැඩසටහන් කලාව, රේඩියෝ භාෂාව සහ නිවේදන කලාව, වෙළඳ දැන්විම් ඉදිරිපත් කිරිම, තොරතුරු රුස්කිරිම, ලිවීම සහ සංස්කරණය, පුවත් කියවීම, සජිවි වැඩසටහන් ඉදිරිපත් කිරිම, නිවැරදි වචන භාවිතය, හඩ පුහුණුව සහ රේඩියෝ වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කරන අතර, මෙම පාඨමාලාවේ දේශණ ගුවන් විදුලි සංස්ථාවේ මෙන්ම වෙනත් ප්‍රවීන දේශකයන් විසින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තේට්ටුවේගම මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් එරන්ද හෙට්ටිආරච්චි මහතා, විදේශ සම්බන්ධතා සහ පුහුණු අධයක්ෂක තිළිණ සමරසුරිය මහතා, අතිරේක අධ්‍යක්ෂක තුෂාරි වෙලගෙදර මහත්මිය, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක නියෝජනය කරමින් කර්නල් ජනමාධ්‍ය කර්නල් මනෝජ් ලමාහේවා සහ මාණ්ඩලික නිලධාරින් ද සමාරම්භක අවස්ථාව සඳහා සහභාගි වුහ.

bridge media | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers