Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2017 17:55:11 Hours

23 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් කිරින්ද වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 බලසේනාවේ 23 වන ගජබා රෙජිමේන්තු භට පිරිස්, සමුද්‍රීය පරිසර අධිකාරිය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ එක්ව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කිරින්ද වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මුහුදු තීරය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයින් විසින් නොයෙකුත් අපද්‍රව්‍ය මුහුදු තීරයට බැහැර කිරීම හේතුවෙන් අපවිත්‍ර වූ මුහුදු තීරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 122 බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීමෙන් එම බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරියෙකු සහ සෙසු නිලයින් 100 ක් සහභාගී වූහ.

තවද, මේ සඳහා කිරින්ද මහ නගර සභාවේ සහ එම ප්‍රදේශයේ ජනතාව ද සහයෝගය ලබාදෙන ලදි.

Best jordan Sneakers | Sneakers