Header

Sri Lanka Army

Defender of the Nation

15th April 2017 15:41:11 Hours

ගැමුණු හේවා බලකාය නව අවුරුදු උත්සවය සමරයි

ජන ක්‍රීඩා, චාරිත්‍ර වාරිත්‍ර, නර්තනාංග මෙන්ම පිටිසර ගැමි ගෙදරක අසිරිය සමඟින් ගැමුණු හේවා බලකාය විසින් සංවිධානය කළ නව අවුරුදු උත්සවය සිකුරාදා (07) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ සහ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිවෙලින් ජාතික ධජය සහ රෙජිමේන්තු ධජය ඔසවමින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය.

කඳවුර අවට ගම්වාසීන් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද මේ සඳහා සහභාගි වූහ.

එහිදී ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ සහභාගී වූ අනෙකුත් ආරාධිතයින් විසින් සිදුකරන ලදි.

Asics footwear | Nike Air Max