Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2017 15:02:42 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ආබාධිත රණවිරුවන් මෙට්ට නිෂ්පාදනය අරඹයි

කුරුණෑගල, වෙහෙරවත්තේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආබාධිත රණවිරුවන් විසින් මේට්ට නිෂ්පාදන කිරිමේ ව්‍යාපෘතියක් එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පි. ද ඉසෙඩ් වික්‍රමරත්න සහ එම රෙජිමේන්තුවේ සේවා වනීතා ඒකකයේ සහයෝගිත්වයෙන් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පි. ද ඉසෙඩ් වික්‍රමරත්න සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනීතා ඒකකයේ සභාපතිනිය වන රුවිනි සුජිවා වික්‍රමරත්න මැතිණියගේ සහභාගිත්වයෙන් හා අනෙකුත් නිලධාරින්ගේ ද සේවා වනීතා ඒකකයේ අනෙකුත් සාමාජිකයන්ගේ ද සහභාගිත්වයෙන් සෙනසුරාදා (08) වන දින ආරම්භ කරන ලදී.

මෙහිදී රෙජිමේන්තු අධිපති, තවත් නිලධාරින් සමඟ දැනට ඉදිවෙමින් පවතින පුස්තකාල ගොඩනැගිල්ල සහා පරිගණක විද්‍යාගාරය පරික්ෂා කළ අතර එහි ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.එච්.එම්.ඩබ්.බි. තම්මිට, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් මෙම ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට සහභාගි විය.

Sportswear free shipping | Air Jordan