Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2017 10:55:28 Hours

මධ්‍යම සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයන් හී බදාදා පුහුණු වැඩසටහන්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බදාදා (22) දින නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ, මඟපෙන්විම යටතේ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පුහුණු වැඩසටහන පවත්වන ලදි.

මෙහිදි, ගැමුණු හේවා බලකායේ මේජර් ඩි.එම්.පි.එස්. බංඩාර විසින් ‘ගෝලීය උණුසුම’ පිළිබඳ දේශනයක් පවත්වන ලදි. මේ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ සේවයේ නියුතු නිලධාරින් 12 දෙනෙකු සහභාගි වන ලදි.

අනතුරුව, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් වාසල කුමාර විසින් ‘යුද හමුදා භට පිරිස්හට යහසාධක අරමුදලෙන් ලැබෙන ප්‍රතිලාභ’ පිළිබඳ දේශනයක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනාංක, ඒකක සහ පුහුණු පාසල් හී රාජකාරි කරනු ලබන නිලධාරි 7 ක් සහ සෙසුනිලයින් 260 ක් වෙනුවෙන් පවත්වන ලදි.

මේ අතර තවත් බදාදා දින පුහුණු වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනාංක සහ ඒකක හී සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් සිදු කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්විම යටතේ මෙම පුහුණු වැඩසටහන පැවැත් විය.

මෙහිදි, 26 වන ගජබා රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ඩි.එම්.අයි. පියකැලුම් විසින් ‘Measures to Improve Self-Esteem among the Soldiers of Sri Lanka Army’ පිළිබඳ දේශනයක් සිදු කරන ලදි.

තවද, 12 වන පාබල හමුදාවේ සැරයන් ඩබ්.ආර්.ඒ.සී විලේබඩ විසින් ‘පාබල සොල්දාදුවෙකුගේ වගකිම් සහ කාර්යභාරයන්’ පිළිබඳ දේශනයක් පවත්වන ලදි.

මෙම පුහුණු වැඩසටහන සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වුහ.

එමෙන්ම, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් නව නිපැයුම් නිර්මාණකරනය සහ ප්‍රේටන්ට් බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් දේශනයක් බ්‍රහස්පතින්දා (23) දින පවත්වන ලදි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නිලධාරීන් 44 ක් සහ සෙසු නිලයින් 59 ක් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.එච්. පියසිරි මහතා සහ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ බුද්ධිමය දේපළ නිලධාරී අජිත් වන්නිආරච්චි මහතා විසින් මෙහි දේශන මෙහෙයවිය.

Asics shoes | Nike Running