Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2017 10:26:13 Hours

පකිස්තානු ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) නියෝජනය සඳහා යුද හමුදා තරඟකරුවන් තේරීම සිදු කෙරේ

ඉදිරියේ දී පැවැත්වෙන පාකිස්තානු යුද හමුදා ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) නියෝජනය කිරිම සඳහා ඉහළම ශාරීරික ජවයකින් සහ ශාරීරික යෝග්‍යතාවකින් යුතු ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තෝරා ගැනිම උදෙසා යුද හමුදාවේ රෙජිමේන්තු 22 ක් නියෝජනය කරමින් යුද හමුදා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අද (23) උදෑසන මාදුරුඔය, විශේෂ බලකා පුහුණු පාසලේ දී තරඟ වැදිම නිල වශයෙන් ආරම්භ විය.

අන්තර් රෙජිමේන්තු ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව හා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය සහ විශේෂ බලකා රෙජිමේන්තුව සමඟ සම්බන්ධිකරණයෙන් යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබේ. මෙම තරඟාවලියේ මෙහෙයුම් කමිටුව යුද හමුදා පාබල අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එච්.ආර්.එන්.ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සහ තවත් සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත වේ.

අන්තර් රෙජිමේන්තු ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලියේ ආරම්භය සනිටුහන් කරමින් විශේෂ බලකා රෙජිමේන්තු තුර්ය වාදක කණ්ඩායම පෙරටු කර ගත් සියලු කණ්ඩායම් නියෝජනයෙන් යුත් ධජ පෙළපාලියක් අඟහරුවාදා (23) දින පවත් වන ලදි. එදිනම ‘Pull-Ups’ තරඟය පැවැත් වුණු අතර, සිකුරාදා (24) දින කිලෝමිටර 3.2 ක් දුර දිවිමේ තරඟය මාදුරුඔය, විශේෂ බලකා පුහුණු පාසල් භූමියෙන් ආරම්භ වේ.

තවද සෙනසුරාදා (25) දින 'Sit Ups' තරඟයත්, ' Push Ups ' තරඟය ඉරිදා (26) දිනත්, සිදු කිරීමට නියමිතය. සඳුදා (27) දින, ‘සංග්‍රාමික කාර්යක්ෂමතා පරික්ෂණය’ (Combat Efficiency Test) පැවැත්වෙන අතර එ් සඳහා ( Zig-Zag Run, Fireman Lift, Leopard Crawl, Kitten Crawl, Sprint, 9 Feet Ditch, Ammunition Lift, Grenade Throw and 5 Push Ups, Dive Roll Over 3 Feet Hurdle, Weapon Grabbing, Front Roll and Five Rounds Fire at Kneeling Position at 1x1 target,) යන තරඟ ඉසව් අයත් වේ.‍

2017 අන්තර් රෙජිමේන්තු ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලියේ දී සෑම ඉසව්වක් සඳහා ජයග්‍රාහී කණ්ඩායම තුනක් තෝරා ගන්නා අතර, එම කණ්ඩායම් වෙත පිළිවෙලින් රන්, රිදී හා ලෝකඩ පදක්කම්, කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට නියමිතය. මිට අමතරව මෙහි ඉහළම ලකුණු ලබාගන්නා ජයග්‍රාහකයා වන තරඟාවලියේ අතිශුරයා හ‍ෙවත් ‘Fitness of the Fit’ හට පළිහක් සහ තවත් කුසලාන පිරිනමනු ලබයි.

මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා පාබල අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එච්.ආර්.එන් ප්‍රනාන්දු සහභාගි විය.

තවද සමාප්ති උත්සවය අඟහරුවාදා (28) දින පවත්වනු ලබන අතර, එහිදි තරඟ සඳහා ලබාගත් ලකුණු පදනම කරගෙන කුසලතා සහතික 100 ක් සහ සහභාගිත්වය වෙනුවෙන් තවත් සහතික පත් ඇතුළු ත්‍යාගය හා කුසලාන පිරිනැමීමට නියමිතය.

Best Authentic Sneakers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov