Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2017 13:58:45 Hours

ගැමුණු හේවා රෙජිමේන්තුව සිය 29 වන සංවත්සරය සමරයි

සමරු වැඩසටහන් මාලාවක් සමගින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තුව සිය 29 වන සංවත්සරය සිකුරාදා (19) දින කුරුවිට පිහිටි එම රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

මාර්තු මස 17 සහ 18 දිනයන් හී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වු අතර, එහි ප්‍රථම වැඩසටහන ලෙස රත්නපුර සබරගමුව මහා සමන් දේවාලයේ දී රෙජිමේන්තු ධජය වෙත ‘සෙත්’ පැතිම් සිදු කළ අතර, අනතුරුව රත්නපුර පිහිටි හින්දු කෝවිල, මුස්ලිම් පල්ලිය සහ ක්‍රිස්තු දේවස්ථානයන් හිදී එම ධජය වෙත ‘සෙත්’ පැතිම් සිදු කරන ලදි.

එමෙන්ම, රෙජිමේන්තු මධ්‍යස්ථාන විහාර පරිශ්‍රයේ බෝධිපුජා පිංකමක් පැවැත්වු අතර, අනතුරුව එ්දණ්ඩවල විහාරස්ථානයේ දී සංඝයා වහන්සේලා 15 නමක් විෂයේහිලා දානමය පිංකමක් ද සිදුකරනු ලැබිය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සහභාගි වු අතර, මෙම අවස්ථාවට පැමිණි රෙජිමේන්තු අධිපතිවරයා වෙත කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

මෙහිදි, මියගිය රණවිරුවන් සිහිකරමින් විනඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ද පැවැත්වු අතර, රණවිරු ස්මාරකය වෙත පුෂ්ප උපහාර ද පිරිනැමිම ද සිදු කරන ලදි.

අනතුරුව, නැවත ප්‍රතිසංස්කරණය කරන ලද පිහිණුම් තටාකය මියගිය ලුතිතන් ජෙනරාල් පි.එස්.බි.කුලතුංග වෙත කරන උපහාරයක් ලෙස ‘ලුතිතන් ජෙනරාල් පි.එස්.බි. කුලතුංග අනුස්මරණ පිහිණුම් තටාකය’ ලෙස නම්කර නැවත විවෘත කිරිම සිදු කල අතර සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද එම පිරිශ්‍රයේ දී පවත්වනු ලැබිය.

එමෙන්ම, රෙජිමේන්තු අධිපතිවරයා විසින් ජෙනරාල් ටි.අයි.විරතුංග අනුස්මරණ කෞතුකාගාරය ඇතුළු තවත් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි කිහිපයක් ද නැවත විවෘත කරන ලද අතර, බළලත් නිලධාරින් සහ සැරයන්වරුන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කිරිම ද සිදු කරන ලදි.

රෙජිමේන්තු සෙසුනිල භෝජනගාරයේ පැවති දී සියලු නිල දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව සංවත්සර වැඩසටහන අවසන් වු අතර, අනතුරුව එදින සන්ධ්‍යාවේදි රෙජිමේන්තු කවුන්සිල රුස්විම එම මුලස්ථාන සාකච්ඡා ශාලාවේ දී පවත්වන ලදි.

ගැමුණු හේවා බලකායට අයත් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Buy Kicks | Nike for Men