Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2017 13:59:57 Hours

කිලිනොච්චි භට පිරිස් ලිංගික සම්ප්‍රේෂණ රෝග පිළිබඳව දැනුවත් කිරිමක්

ජොන් කිල්ස් පුණ්‍ය පදනම සංවිධානය කරන ‘එච්.අයි.වි සහ එ්ඩ්ස්’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සේනාංක සහ ඒකකයන් හී භට පිරිස් සඳහා මාර්තු මස 16 සහ 17 දිනයන් හිදී පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර වශයෙන් අනුග්‍රහය ලබාදුන් පදනමේන් නියෝජිතයින් කණ්ඩායමක් ‘එච්.අයි.වි සහ එඩ්ස්’ සම්ප්‍රේෂණය සහ එහි ස්වභාවය පිළිබඳ භට පිරිස් දැනුවත් කිරිම සඳහා දේශන පැවැත් වුහ.

65 වන සේනායේ භට පිරිස් සඳහා මෙම දැනුවත් කිරිමේ වැඩසටහන එම සේනාංකයේ පිහිටි මුලන්කාවිල් බළඇණි පුහුණු පාසලේ දී සහ 66 වන සේනායේ භට පිරිස් සඳහා මෙම දැනුවත් කිරිමේ වැඩසටහන එම සේනාංකයේ පිහිටි අරසපුරකුලම් පුහුණු පාසලේ දී පැවැත්වු අතර, එ සඳහා පිළිවෙලින් භට පිරිස් 500 සහ 450 ක් සහභාගි වුහ.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් සඳහා ‘එච්.අයි.වි සහ එඩ්ස්’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන (17) දින උදෑසන නෙළුම්පියස ශ්‍රාවණාගාරවයේ දී පැවති අතර, ඒ සඳහා 500 කට අධික භට පිරිස් ප්‍රමාණයක් සහභාගි වුහ. එමෙන්ම, 57 වන සේනාංකයේ භට පිරිස් සඳහා එදින සන්ධ්‍යාවේ පැවති දේශනය සඳහා භට පිරිස් 650 කට අධික පිරිසක් ද සහභාගි වුහ.

මෙම වැඩසටහන අවසානයේ ජොන් කිල්ස් පුණ්‍ය පදනමේ සමාජිකයින් සඳහා සමරු තිළිණ ප්‍රදානය කිරිම කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක විසින් සිදුකරන ලදි.

Sports brands | New Balance 991 Footwear