Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2017 09:44:17 Hours

‘ආයතනික චර්යාවන්’ පිළිබඳ 23 වන සේනාංක නිලධාරීන් දැනුවත් කෙරේ

යුද හමුදාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් මාලාව යටතේ 23 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 40 දෙනෙකුගේ සඳහා ‘ආයතනික චර්යාවන්’ පිළිබඳ දැනුවත් කිරිමේ දෙදින වැඩමුළුවක් (මාර්තු 8 සහ 9) 23 වන සේනාංක පරිශ්‍රයේ දී පවත්වන ලදි.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි. පනන්වලගේ ආරාධනයෙන් ගිනිකොණ විශ්ව විද්‍යාලයේ වානිජ හා කළමනාකරණ පිඨයේ පිඨාධිපති ආචාර්ය එස් ගුණපාලන් විසින් නිලධාරීන් දැනුවත් කිරිමේ අරමුණින් යුතුව ඉතා හරවත් දේශනයක් මෙහිදි සිදු කළහ.

මෙම වැඩමුළුවේ දී සහභාගිවුවන් අන්තර් ක්‍රියාකාරි සැසි සඳහා සහභාගිවෙමින් විවිධ ආයතන ව්‍යුහයන්හි මානව සම්පත් කළමනාකරණ අත්දැකිම් පිළිබඳව සිය අදහස් ද හුවමාරු කර ගන්නා ලදි.

Best Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff