Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2017 09:44:49 Hours

233 වන බලසේනාව සිය 26 වන සංවත්සරය සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත වාකරේ පිහිටි 233 වන බලසේනාව පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන්හි දී ආගමික වතාවත් සහ ප්‍රජා වැඩසටහන්වලට මුල්තැනක් දෙමින් සිය 26 වන සංවත්සරය සමරන ලදි.

සඳුදා (27) දින පැවති ලේ දන්දීමේ වැඩසටහනත් සමඟින් මෙම වැඩසටහන් මාලාව ආරම්භ කළ අතර, එහිදි නිලධාරීන් සහ සෙසු නිලයින් 80 ක් මේ සඳහා දායකවූහ.

ඊට පසු දින මියගිය රණවිරුවන් සිහිකරමින් සහ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් වෙත ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක්, සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පිංකමක් පැවැත්විය.

තවද, හොඳ හිත වර්ධනය කිරීමේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මෙම සේනාංකය වෙතින් කදිරවේලි, කඩ්ඩිමුරික්කුලම් පාසලේ අන්තර් නිවාස ක්‍රීඩා උළලේ ශුරතා කුසලාන සඳහා අනුග්‍රහාය දැක්වීම ද සිදු කළහ.

පෙබරවාරි 28 දින, 233 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.එම්.සී. ජයවීර වෙත බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ දී කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි. අනතුරුව සංවත්සරය සිහිවනු විසින් බලසේනාධිපති විසින් කඳවුරු පරිශ්‍රයේ පැළ 26 ක් ද සිටවනු ලැබීය.

එහි පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහායත් සමඟින් සංවත්සර වැඩසටහන් මාලාව නිමාවිය.

Adidas footwear | Air Jordan Release Dates 2021 Updated , Gov