Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 18:01:21 Hours

ශ්‍රීලයුපොහේබ පාඨමාලාව හැදැරූ සෙබලුන් පිරිසක් විසිරයති

පාඨමාලා අංක 70 යටතේ මාස 05 කට ආසන්න කාලයක් මුලික විනයාරක්ෂක පාඨමාලාව හැදැරූ සෙබලුන්ගේ විසිරයාමේ උත්සවය සිකුරාදා (03) දින ගිරිතලේ, සුදුගල්කන්ද, යුද හමුදා පොලිස් පාසලේ දී පවත්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විනයාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ කර්නල් විනයාරක්ෂක කර්නල් ඊ.ආර්.පි. වීරවර්ධන සහභාගි විය.

එහිදි යුද හමුදා පොලිස් පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් ඩි.එම්.ඒ. බණ්ඩාර විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගත් අතර, භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුවියන් 18 ක් සහ සිසුන් 124 ක් ඇතුලු 142 ක් මෙහිදි විසිර යනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම ආරාධිතයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

පාඨමාලාවේ දක්ෂතමයින් පහතින් දැක්වේ.

පාඨමාලාවේ දක්ෂතමයින් :

දක්ෂතම ආධුනික සෙබලා - ආධුනික සෙබල ඩබ්.ජි.අයි.සි.බී. රණතුංග

දක්ෂතම ආධුනික සෙබලිය - ආධුනික සෙබල ආර්.ඩි.ආර්. පුෂ්පකුමාරි

දක්ෂතම වෙඩික්කරු

පිරිමි අංශය - ආධුනික සෙබල ඩබ්.ඩබ්.එම්.ඩබ්.වි. රාජරත්න

කාන්තා අංශය - ආධුනික සෙබල ටි.එම්.එල්. සෙව්වන්දි

short url link | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet