Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 17:51:27 Hours

පුහුණුව තුළින් යුද හමුදාවේ ගෝල්ෆ් ක්‍රිඩාව වර්ධනයට.

යුද හමුදාව තුළ ගෝල්ෆ් ක්‍රිඩාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා යුද හමුදා ගෝල්ෆ් ක්‍රිඩා කමිටුව විසින් එම කෙෂ්ත්‍රයේ ප්‍රවිණයන් තිදෙනකුගේ සහාය ලබා ගෙන ඇත.

දියතලාව ගෝල්ෆ් පිටියේ පැවති පුහුණු වැඩමුළුව සඳහා සිරත් කරුණාරත්න, බිනුප විජේසිංහ සහ සුන්දර් රාජ් යන ප්‍රවීණ ගෝල්ෆ් පුහුණු කරුවන් සහභාගි වු අතර එහිදී යුද හමුදා ක්‍රිඩකයන් හට විශේෂ පුහුණු සැසියක් පවත්වන ලදි.

පෙබරවාරි 27 දින සිට මාර්තු 01 වන දින දක්වා නුවරඑළිය ගෝල්ෆ් සාමාජයේ පැවති පුහුණු වැඩමුළුව සඳහා නිලධාරින් 52ක් සහ සෙසුනිලයින් 38 දෙනකු සහභාගි වු අතර එහිදී ද ඉහත පුහුණුකරුවන් යුද හමුදා සාමාජිකයින් හට අවශ්‍ය පුහුණුව ලබාදෙන ලදි.

යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම මත මෙම වැඩමුළුව පවත්වන ලදි.

එමෙන්ම, යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ දියතලාව ගෝල්ෆ් ක්‍රිඩාපිටිය නැවත ඉදිකිරිමේ කටයුතු ආරම්භකල අතර 2017 මැයි මස වන විට එම පිටිය නැවත විවෘත කිරිමට නියමිතය.

යුද හමුදා ගෝල්ෆ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එන්. හතුරුසිංහගේ අධික්ෂණය යටතේ මෙම ගෝල්ෆ් පිටිය නැවත ඉදිකිරිමේ කටයුතු සඳහා 30 දෙනෙකුගේන් සමන්විත භට පිරිසක් සහ ගෝල්ෆ් ක්‍රිඩකයන් 10 දෙනකු යොදවා ඇත.

latest Running | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ