Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 17:42:46 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් සහ සිවිල් වැසියන් ධර්ම දේශනාවකට සවන්දෙයි

නැගෙනහිර පලාතේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ ආධ්‍යාත්මික වර්ධනය උදෙසා එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ආරාධනයෙන් ගොඩගම, ආර්ය නිකේතනයේ නිර්මාතෘ පූජ්‍ය මාවරල භද්දිය ස්වාමින් වහන්සේ විසින් පෙබරවාරි මස 28 දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී විශේෂ ධර්ම දේශනාවක් පවත්වන ලදි.

මෙම ධර්ම දේශනයට සවන්දීම සඳහා වැලිකන්ද ප්‍රදේශයේ සිවිල් වැසියන්, පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු රැකියාවල නිරතවුවන් ද එක්ව සිටියහ.

මෙහි දී ධර්මිෂ්ඨ සමාජයක් උදෙසා නිවැරදි හැසිරීම හා අවශ්‍යතාවයන් යන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කෙරිනි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික පනන්වල, නැගෙනහිර ඉදිරි නඩතුත් පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් දහසකට වැඩි පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Authentic Sneakers | New Releases Nike