Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 17:40:51 Hours

නිවාරණ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බෝවන සහ බෝ නොවන රෝග පිළිබඳව යුද හමුදා සමාජිකයින් දැනුවත් කෙරේ

යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩසටහනේ දි ජලභිතිකාව, ලාදුරු, ක්ෂය රෝගය සහ බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරිමේ දේශනයක් පවත්වනු ලැබිය.

නිවාරණ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඒ.වි.ටි. වික්‍රමසේකරගේ උපදෙස් මත මෙම දේශනය සංවිධානය කරන ලදි.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා අධ්‍යක්ෂක මණ්ඩල, ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් නිලධාරින් 350 ක් පමණ සහභාගි වු අතර, මෙම වැඩසටහනේ දේශන සඳහා සහාය ජාතික ජලභිතිකා මර්ධන ඒකකය සහ ලාදුරු හා ක්ෂය රෝග මර්ධන ව්‍යාපාර වෙතින් ලබා දෙන ලදි.

එමෙන්ම, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් පෙබරවාරි මස 14 සිට 16 දින දක්වා යුද හමුදා රෝහලේ දී පවත්වනු ලබු අතර, මෙම තෙදින දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාව බ්‍රිගේඩියර් ඒ.වි.ටි වික්‍රමසේකරගේ උපදෙස් මත සිදු කරන ලදි.

මේ සඳහා යුද හමුදා කාන්තා සෙබළියන් 30 ක් සහ නවික හමුදා සෙබලුන් 10 දෙනෙකු සහභගි වුහ.

තවද, 3 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනක දි යුද හමුදා සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහා පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කල අතර, එහිදි 2017 වර්ෂය සඳහා ඉදිරි වැඩසටහන් පිළිබඳව සාකව්ඡාවක් පවත්වනු ලැබිය.

මෙම වැඩමුළුව අවසානයේ සෞඛ්‍ය පරික්ෂකවරුන් 42ක් සඳහා සහතිකපත් ප්‍රදානය නිවාරණ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඒ.වි.ටි. වික්‍රමසේකර විසින් සිදු කරන ලදි.

Running sport media | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp