Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 17:37:51 Hours

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් 12 වන සේනාංකය සහ ඒ යටතේ ඇති බලසේනා, ඒකක වෙතින් දන්සැලක්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක එක්ව මහා ශිව රාත්‍රී උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ දන්සැලක් පෙබරවාරි මස 24 වන දින කතරගම දී පවත්වනු ලැබූ අතර, ඒ සඳහා බැතිමතුන් සිය ගණනක් සහභාගි වූහ.

ඒ අනුව, 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකය, 122 බලසේනාව, 23 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව, 10 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් 32 දෙනෙකුගෙන් යුත් යුද හමුදා සාමාජිකයින් පිරිසක් මේ සඳහා සහයෝගය ලබා දෙනු ලැබීය.

bridgemedia | Nike Shoes