Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2017 17:30:30 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේහී තවත් එක් බදාදා දින පුහුණු වැඩසටහනක්

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙහි නියුතු නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ තවත් එක් පුහුණු වැඩසටහනක් බදාදා (1) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්වීම යටතේ මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙහිදී 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි මේජර් එච්.ඒ.ආර්.කේ අබේවික්‍රම ඇතුළු නිලධාරීන් 4 දෙනෙකු විසින් ‘Extremism and its Effects on Communal Harmony in Sri Lanka’ පිළිබඳව දේශණ පවත්වනු ලැබීය.

එමෙන්ම, 6 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ සැරයන් ජේ.පී සංජීව විසින් ‘බුද්ධි තොරතුරු’ පිළිබඳව දේශනයක් සිදුකළ අතර, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් මෙම පුහුණූ වැඩසටහන සඳහා සහභාගි වූහ.

best shoes | Nike Off-White