Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2017 09:40:35 Hours

යුද හමුදාවේ දක්ෂතම සූපවේදීන් ඇගයීමට ලක්කෙරේ

යුද හමුදාපතිතුමාගේ නව සංකල්පයකට අනුව මෑතක දී සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපනය කරන ලද යුද හමුදා සූපවේදී බලඇණිය මඟින් යුද හමුදාව තුල සේවයේ නියුතු යුද හමුදා සහ සිවිල් අංශයේ සුපවේදීන්ගෙන් දක්ෂතම සුපවේදීන් තේරීම සිදු කරන ලදි.

මෙහිදි සුපරික්ෂාකාරි දිගු ක්‍රියාවලියකින් අනතුරුව දක්ෂතම යුද හමුදා සූපවේදීන් තිදෙනා සහ දක්ෂතම සිවිල් සූපවේදීන් තිදෙනා තෝරාගත් අතර, ඔවුන් ඇගයීමේ උත්සවය අඟහරුවාදා (14) දින පැවැත්විය.

යුද හමුදාව තුල ආහාර පිසීමේ කලාව ප්‍රවර්ධනය කිරීම හා යුද හමුදා සාමාජිකයන් වෙත ගුණාත්මක ආහාරපාන ලාබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන, භට කාර්ය සම්පාදන මුලස්ථාන සහ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මට්ටමින් සූපවේදීන් හතරදෙනා (යුද හමුදා 2 සහ සිවිල් 2) බැගින් තෝරාගෙන අවසන් තරඟය සඳහා ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව, 2016 අප්‍රේල් මස 05 සහ 06 යන දිනයන්හි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති එම තරඟයෙන් අවසන් තරඟය සඳහා සූපවේදීන් 48 දෙනෙකු තෝරාගනු ලැබීය.

යුද හමුදා සූපවේදී බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් ඉරෝෂ් වනිගසේකරගේ මුලිකත්වයෙන් දිවයින පුරා පිහිටි යුද හමුදා ආයතන සමඟ සම්බන්ධතාවයෙන් යුතුව පසුගිය මාස කිහිපය පුරා මෙවැනි වැඩමුළු පවත්වන ලදි.

ඇක්වයිනාස් ආයතනයේ අධ්‍යක්ෂක නලින්ද හෙට්ටිආරච්චි මහතා, හොටෙල් ක්ලැරියන් හෝටලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජේන්ද්‍ර ප්‍රේමකුමාර මහතා, ඇන්ගිල් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල ජයනෙත්ති මහතා, ප්‍රීමා බේකින් පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පති රන්ජන් අමරසිංහ මහතා සහ ගල්කිස්ස මහා හෝටලයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටි. පබ්ලිස් සිල්වා මහතා වැනි විද්වත් මණ්ඩලයක් ඉදිරියේ මෙම යුද හමුදා සහ යුද හමුදා සිවිල් අංශයේ සුපවේදීන් 48 දෙනා තම දක්ෂතා ඉදිරිපත් කළහ.

මෙම ජයග්‍රහකයන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම අඟහරුවාදා (14) දින සිදු කළ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්. රත්නසිංහම් විසින් ඔවුන් වෙත සහතිකපත් පිරිනමන ලදි.

සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.වි. රූපසිංහ, විශේෂ අමුත්තන් සහ විනිශ්චය මණ්ඩලය, යුද හමුදා සූපවේදී බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් ඉරෝෂ් වනිගසේකර ඇතුලු නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

එම ජයග්‍රහකයින් පහතින් දැක්වේ.

යුද හමුදා

1. ලාන්ස් කෝප්‍රල් එච්.පි.ඒ. කුමාර - 1 ශ්‍රීලයුපොදුසේබ

2. ලාන්ස් කෝප්‍රල් එල්.එල්.ඊ. සම්පත් - 2 (සෙව්) ශ්‍රීලයුසේබ

3. ලාන්ස් කෝප්‍රල් පි.එම්.පි.ටි.කේ. පින්නපොල - 4 ශ්‍රීලයුයුබ

සිවිල්

1. ඩබ්.ඩබ්. සුදේෂ් මහතා - 142 බසේමු

2. ආර්.පි.ඒ. සරත් ප්‍රේමචන්ද්‍ර මහතා - 9 ශ්‍රීලපාහ

3. කේ.එච්. ප්‍රේමසිරි - 2 ශ්‍රිලංරබ

trace affiliate link | Air Jordan