Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2017 10:24:08 Hours

54 වන සේනාංකයේ සංවිධානයෙන් මන්නාරම නත්තල් කැරොල් ගී

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය විසින් දෙසැම්බර් මස 29 වන දින නත්තල් කැරොල් ගී වැඩසටහනක් මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී තෙවන වතාවටත් සංවිධානය කරනු ලැබීය..

54 වන සේනාංකයේ සේනාංකධිපති බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාරගේ මඟපෙන්වීම යටතේ එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සංහිදියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

54 වන සේනාංකයේ සේනාංකාධිපතුමාගේ ආරාධනයෙන් සම්භාවනීය අමුත්තන් ලෙස මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆන්හර් ජෝශප් කිංස්ලි ස්වාමිපිල්ලෙයි පියතුමා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මන්නාරම ප්‍රදේශයේ සිවිල් වැසියන් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

url clone | AIR MAX PLUS